SSP ශානි අබේසේකර DIG තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චය සභාවේ නිර්දේශ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී / SSP ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති / DIG තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

2026 අගෝස්තු 25 වන දින සිට මෙම උසස් වීම ක්‍රියාත්මක විය යුතු බව ද නිර්දේශයේ සඳහන් වේ.

ශානි අබේසේකර රාජකාරියේ අත්හිටුවන ලද දින සිට ඔහුට ගෙවිය යුතු සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවන ලෙස ද පරිපාලන අභියාචනා විනිශ්චය සභාව වැඩි දුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website