දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ආශ්‍රිත අලුත්ගම – මතුගම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එහි රථවාහන ධාවනය සීමා කර තිබේ.
ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර, ඒ අනුව වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිවිසුම් සහ පිටවීමේ දොරටු කිහිපයක් සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව දැනට පවතින තත්ත්වය මෙසේය:
- කොළඹ දෙසට ඇතුළුවීමේ දොරටුව: සැහැල්ලු වාහන සඳහා වසා ඇත.
- කොළඹ දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුව: සැහැල්ලු වාහන සඳහා වසා ඇත.
- ගාල්ල දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුව: සැහැල්ලු වාහන සඳහා වසා ඇත.
- ගාල්ල දෙසට ඇතුළුවීමේ දොරටුව: සියලුම රථවාහන සඳහා විවෘතව පවතී.
මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීමට මෙම පියවර ගෙන ඇති අතර, හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව රිය පදවන ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.











