ශ්‍රී ලංකාවේ භෞමික ජල තීරයේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (NARA) සභාපති සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙම ප්‍රවණාතාව හදිසි ඇති වූ තත්ත්වයක් නොව එය 2014 වර්ෂයේ සිට නිරීක්ෂණය වී ඇති බවයි.
“එය ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව පුරා බොහෝ රටවල සමුද්‍ර පරිසර පද්ධතිවලට බලපාන පොදු තර්ජනයක්. මත්ස්‍ය අස්වැන්න අඩුවීමට මෙතෙක් තනි හේතුවක් හඳුනාගෙන නැහැ. නමුත් ඒ සඳහා ජීව විද්‍යාත්මක පද්ධතියේ වෙනස්කම් ප්‍රධාන දායක සාධකයක් ලෙස සලකනවා” හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
මෙම තත්ත්වය දිගු කාලීනව පැවතුනහොත්, ධීවර ප්‍රජාවන් ඔවුන්ගේ ජීවනෝපායන් සුරක්ෂිත කර ගැනීම සඳහා විකල්ප රැකියා අවස්ථා වෙත යොමු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ඔහු පැවසීය.
















