2026 අගෝස්තු 16 වන දින වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ මරණ 68ක් සහ ආසාදිතයින් 92,011ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකක පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශ 96ක් ඩෙංගු සඳහා අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති අතර සමස්ත රෝගීන්ගෙන් 52.96ක් හෙවත් රෝගීන් 48,725ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
දකුණු පළාතෙන් දෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 13,533ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,274ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,558 ක් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික් මට්ටමින්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එය 19,631කි.
කොළඹ 18,245ක්, මහනුවර 6,613ක්, මාතර 6,036ක්, කළුතර 5,951ක්, ගාල්ල 5,039ක් සහ රත්නපුර 4,935ක් වාර්තා වී ඇති අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,700ක් පමණ වාර්තා වී ඇත.















