ඖෂධ මිලදී ගැනීමේ අවධානයට ලක්විය යුතු වැදගත්ම මේ කරුණු ඔබ දැන සිටියා ද ?

ඖෂධ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් විසින් අනිවාර්යයෙන් පරීක්ෂා කළ යුතු කරුණු කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර ඇත.

එම නිල නිවේදනය පහත දැක්වේ.

ඔබ මිලදී ගන්නා ඖෂධ සහ සෞඛ්‍ය ආශ්‍රිත නිෂ්පාදන ඔබගේත් ඔබගේ පවුලේත් සෞඛ්‍යයට සෘජුවම බලපාන බැවින්, මිලදී ගැනීමට පෙර පහත කරුණු හොඳින් පරීක්ෂා කරන්න.

  • කල් ඉකුත් වන දිනය (Expiry Date) පරීක්ෂා කරන්න.
  • ලේබලයේ සඳහන් සියලු පාරිභෝගික තොරතුරු කියවන්න.
  • ඇසුරුම කැඩී, විවෘත වී හෝ හානි වී නොමැති බව තහවුරු කරන්න.
  • නිෂ්පාදනයේ නම, ප්‍රමාණය සහ භාවිත විස්තර නිවැරදිව සඳහන් වී ඇති බව පරීක්ෂා කරන්න.
  • බිල්පත ලබාගෙන එය සුරක්ෂිතව තබා ගන්න.

කල් ඉකුත් වූ හෝ සැකසහිත ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන කිසිවිටෙකත් මිලදී නොගන්නා ලෙස අවධාරණය කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා ඖෂධ සැල් පිළිබඳ විශේෂ වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව සිදු කරමින් පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන බව ද සඳහන් කරයි.

මූලාශ්‍රය – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිල ෆේස්බුක් පිටුව

ඉහළ ඡායාරූපය AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website