ශ්‍රී ලංකාව තුළ නීති විරෝධීව අන්තර්ජාල සූදු සහ ඔට්ටු සේවා පවත්වා ගෙන ගිය වෙබ් අඩවි 24ක් අවහිර කරයි

ශ්‍රී ලංකාව තුළ වලංගු බලපත්‍රයක් ලබා නොගෙන නීති විරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු අල්ලීමේ සේවාවන් පවත්වා ගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළට පිවිසීම වහා ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය විසින් අද (05) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ මෙම පියවර ගෙන ඇත්තේ මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්‍රතිපාදන හා බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත සිදු කළ දැනුමත් කිරීමකට අනුව බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අදාළ වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුළ සිට ප්‍රවේශ වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15,16 සහ 18 වැනි වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍රයක් ලබා නොගෙන ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වා ගෙන යාම හෝ එවැනි සේවාවන් ප්‍රවර්ධන කිරීම පනතේ 44 වැනි වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදකි.

වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කරන ලද නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි පහත දැක්වේ.

xbet.com. betway.com/en-lk. 22bet.com. melbet.com. unibet.com, betfair.com. dafabet.com. bet365.com. 1win.com. spinbetter.com.cric.com. bc.game. megapari.com. pin-up.bet, stake.com, mostbet.com. parimatch.com. betwinner.com. linebet.com. 4rabet.com. rajabets.com. dbbet.com. coldbet.com. WinWin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website