අද (12) උදෑසන ගාල්ල දංගෙදර ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව දංගෙදර පොලිසිය පැවසුවේය. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ වින්දිතයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බව පොලිසිය පැවසුවේය.
ගාල්ල දංගෙදර වෙඩි තැබිමක් – පුද්ගලයෙක් මරුට















