පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව තිබේ. සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම මෙහෙයුම් දියත් කර ඇත.
2026 මැයි 09 වන දින සිදුකරන ලද මෙහෙයුම්වලට අදාළව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, පොලිසිය විසින් පුද්ගලයින් 27,816 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී විවිධ සැකපිට පුද්ගලයින් 589 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 16 දෙනෙකුද ඒ අතර වේ.
වරෙන්තුකරුවන් සහ රථවාහන වැරදි
මෙම මෙහෙයුමේදී අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබුණි. ඒ අනුව දින වරෙන්තුකරුවන් 289 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇත.
මීට අමතරව මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකළ පරීක්ෂාවලදී බීමත් රියදුරන් 75 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රථ වාහන පැදවූ පුද්ගලයින් 62 දෙනෙකු අත්අඩංගුවට.















