කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණයට 05 දෙනෙකුගෙන් යුත් අධිකරණ වෛද්‍ය මණ්ඩලයක්

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරන ලද 05 දෙනෙකුගෙන් යුත් අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දින පැවැත්වීමට නියමිතය.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන කොල්ලුපිටිය පොලිසිය සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නිකුත් කළ නියෝගයකට අනුවය. මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ලබන 12 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

කපිල චන්ද්‍රසේන මහතාගේ මළසිරුර කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී ඊයේ (08) උදෑසන සොයාගත් බව ද කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website