හොරෙන් මෙරට රැදී සිටිමින් මූල්‍ය වංචාවන් සිදුකළ වියට්නාම ජාතිකයින් 74ක් අත්අඩංගුවට

කොල්ලුපිටිය පොලිස් වසමේ උත්තරානන්ද මාවත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකදී කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටිමින් නීති විරෝධී අන්දමින් මූල්‍ය වංචාවන් සිදු කිරීමට සැකපිට විදෙස් ජාතික සැකකරුවන් 41 දෙනෙකු හා සැකකාරියන් 33 දෙනෙකු ඊයේ (06) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හා සැකාරියන් අවුරුදු 19 ත් 39 ත් අතර වයස්වල පසුවන වියට්නාම් ජාතිකයින් වේ.

කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website