
අද (29) පස්වරුවේ හැටන් – දික්ඔය ප්රධාන මාර්ගයේ බඩල්ගල වත්ත ප්රදේශයේ දී මගී ප්රවාහන පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළීයෑමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් මගී පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරුණු ලැබුවා.
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුරට ලක්වූ බස් රථය, වෙනත් වාහනයකට ඉඩදීමට යෑමේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 35ක් පමණ ප්රපාතයට පෙරළී මෙම අනතුර සිදුව තිබුනා.
බස් රථයේ මගීන් 40ක් පමණ ගමන් කර ඇති අතර, තුවාල ලැබූ 20 දෙනෙකු පමණ දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. තුවාල ලැබු එක් පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 70 ක් වූ හැටන් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.















