බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලබා ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි.
අද (28) උදෑසන 7.30ට පමණ සිදු වූ මෙම අනතුරින්, තුවාල ලැබූ සිසුන් 30 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල සහ සිසුන් 04 දෙනෙක් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව ද පොලිසිය පැවසුවේය.
බගවන්තලාව ප්‍රාදෙශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
පොලිසියට අනුව ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය නතර කිරීමට රියදුරා බස් රථය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ඇත.
අනතුර පිළිබඳව බගවන්තලාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.















