
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් කළ හෙරොයින් ග්‍රෑම් 3176ක්, කේරළ ගංජා ග්‍රෑම් 172ක් සහ ගංජා ග්‍රෑම් 247ක් විනාශ කිරීම සඳහා අද (27) අළුයම පුත්තලම වනාන්තර ප්‍රදේශයේ ස්ථාපිත දහන උඳුනකට ගෙන යන ලදී.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් අද (27) දින අළුයම බලපිටිය අධිකරණයෙන් සහ හලවත අධිකරණයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගෙන ඉහළ ආරක්ෂාවක් යටතේ ප්‍රවාහනය කරන ලදී.
මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී සහ මහේස්ත්‍රාත් හර්ෂ ද සිල්වාගේ අධීක්ෂණය යටතේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස් පරීක්ෂක අශෝක ධර්මසේන මහතා, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්යක්ෂ එච්.එන්.පී.සී හේරත් මහතා, රජයේ රස පරීක්ෂක ජාතික අන්තරායකර මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයේ නියෝජිතයින්, පරීක්ෂකවරුන් සහ මත්ද්‍රව්‍ය නිවාරණ සේවකයින් ඉදිරිපිට සම්පූර්ණ විනිවිද පෙනෙන පදනමක් සහිතව මෙම මත්ද්‍රව්‍ය තොගය දහනය කර විනාශ කළේය.













