විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
ඒ මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා හතක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබේ.















