වේගයෙන් ඉහළ යන මාර්ග අනතුරු පාලනයට පොලිසිය මහජන සහාය ඉල්ලයි

වේගයෙන් ඉහළ යන මාර්ග අනතුරු අවම කිරීම සඳහා සහාය දක්වන ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මහජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

පසුගිය වසරට සාපේක්ෂව අප්‍රේල් 10 සිට 19 දක්වා කාලය තුළ මාර්ග අනතුරුවල සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළ අතර අදාළ කාලය තුළ මාරාන්තික අනතුරු 18 කින් වැඩි වූ අතර මරණ 20 කින් ඉහළ ගොස් ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.

මාරක අනතුරු 94කින්, සුළු අනතුරු 49කින් සහ දේපළ හානි අනතුරු 48කින් ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website