අයිස්, හෙරොයින් සහ කොකෙන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රදවා තබා ගනිමින් විමර්ශන සිදුකරන සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරක් මත ඊයේ (19) උදෑසන කොට්ටාව හා හෝමාගම පොලිස් වසම් වලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 400 ක්, හෙරොයින් ග්‍රෑම් 112 ක්, කොකේන් ග්‍රෑම් 08 ක් හා කාර් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනයේදී එම සැකකරුට ආධාර අනුබල දුන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 31 හා 42 ක් වන පන්නිපිටිය හා හෝමාගම ප්‍රදේශවල පදිංදිකරුවන්ය.

බස්නාහිර පලාත් උතුර අපරාධ කොට්ඨාසය මෙම සැකකරුවන් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website