පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මාලාව යටතේ 2026 අප්‍රේල් 04 දින දිවයින පුරා දැවැන්ත සෝදිසි මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
සියලුම කොට්ඨාස මට්ටමින් ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් දියත් කරන ලදි.
මෙම විශේෂ මෙහෙයුමේදී පුද්ගලයින් 28,293 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, සැකපිට පුද්ගලයින් 592 නෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව
• අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින්: 04
• අත්අඩංගුවට ගත් දින වරෙන්තුකරුවන්: 229
• අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන්: 121
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වූ මෙහෙයුම් වලදී බීමත් රියදුරන් 142 අත්අඩංගුවට ගෙන ඇති අතර, මිට අමතර
• අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම්: 77
• වෙනත් රථවාහන වැරදි: 4,486 සදහා දඩපත් නිකුත් කර ඇත.
රට තුළ අපරාධ අවම කිරීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක වේ.















