නීති විරෝධී ලෙස ඩීසල් තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව ඊයේ (11) සවස් කාලයේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් බියගම පොලිස් වසමේ බියගම පහල ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 19,060 ක් ( දහනව දහස් හැටක් ) අඩංගු බවුසර් රථ 02 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන බියගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන්ගන්නා ලොරි රථ, ටිපර් රථ හා ප්‍රයිමුවර් රථ වැනි වාහන වලට මුදල් ලබාදී එම රථවල ටැංකි වලින් ඩීසල් ලබා ගෙන ඔවුන් විසින් සකස්කර ඇති ටැංකි වලට ගබඩා කර විකිණීම් සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. වාහන වලින් ඉන්ධන ලබා ගැනීමට යොදා ගත් මෝටර් සවිකර ඇති බට 02 ක්, යකඩ බැරල් 16 ක් හා මුදල් රුපියල් 381000/= (තුන්ලක්ෂ අසූ එක්දහසක්) ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 20, 22, 32 හා 42 වයස්වල පසුවන හෙයියන්තුඩුව, තිහගොඩ හා නෙළුම්දෙනිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website