චූන්පාන් ලොරිය පාරෙන් ඉවතට පැන පාසල් බසය ගැටී අනතුරක්

බේකරි නිෂ්පාදන බෙදාහරින කුඩා ලොරි රථයක්  අද (04) උදෑසන 06.20 ට පමණ හොරණ – කොළඹ මාර්ගයේ රත්නම්පිටිය ආනන්ද විද්‍යාලය අසලදී මාර්ගය මධ්‍යයේ ඇති විදුලි කණුවක ගැටීමෙන් ප්‍රතිවිරුධ දෙසට රථවාහන ගමන්කරන මංතීරුවට ධාවනය වී, පාසල් සිසුන් ගමන් ගත් බස් රථයක ඉදිරිපස ගැටී තිබේ.

අනතුරින් බස් රථයේ කිසිවෙකුත් තුවාල ලබා නොමැති අතර ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් තර ඇත.

ලොරි රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශන මගින් ආනවරණය වී තිබේ.

ලොරි රථ රියදුරු වයස අවුරුදු 20ක් වන  ‌දෙමෝදර ගවරගල වත්ත වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

එම අවස්ථාවේ කොළඹ – හොරණ 120 මාර්ගයේ ඇති වූ දැඩි රථවාහන තදබදය රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් කඩිනමින් මැදිහත්ව අවමකර ගාමනාමනය සමාන්‍ය පරිදි  සිදුකරීමට ඉඩ සලසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website