තිරප්පනේ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ගලෙන්බිඳුනුවැව පොලිස් වසමේ ගෝමරන්ගල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන සත්ව ගොවිපළක තිබී නීති විරෝධී ලෙස රැස්කර තබා ගන්නා ලද ඩීසල් ලීටර් 1900ක් අඩංගු බැරල් 10ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගලෙන්බිඳුනුවැව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 49ක් වන ගෝමරන්ගල්ල, ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (04) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගලෙන්බිඳුනුවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















