ජින්තුපිටිය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

2026.02.14 දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ බාබර් සාප්පුවක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු ඝාතනයට ලක්ව පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබීය.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙක් සහ සැකකාරියක් ඊයේ (27) කඩවත, සුරියපාළුව ප්‍රදේශයේදී හා වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අනාවරණය වූ කරුණු අනුව වෙඩික්කරු අපරාධය සිදුකර පළාගිය ත්‍රී රෝද රථයක රියදුරු ලෙස මෙම සැකකරු ක්‍රියාකර ඇති අතර එලෙස ක්‍රියාකිරීමට සැකකාරිය විසින් ආධාර අනුබල දී තිබේ.

වයස අවුරුදු 44 ක් වන සැකකරු සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාරිය වයස අවුරුදු 29 ක් වන වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැඩිදුර විමර්ශන සඳහා දෙදෙනා වෙරළබඩ පොලිස් ස්ථානයට භාර දී ඇති අතර වෙරළබඩ පොලිස් ස්ථානය විසින් අධිකරණයට ඉදිරිපත්කර දින 07 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website