පාස්කු ප්‍රහාර සඳහා “ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන්” රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඔහු මේ බව අනාවරණය කළේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට අද (25) පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දීය.
සුරේෂ් සාලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවල ප්‍රතිඵලවලට සමගාමීව අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි මත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මෙම මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන යටතේ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් බව යි.
ඔහු මෙසේ ද පැවසුවේය, “නීතිය අනුව එවැනි අත්අඩංගුවට ගැනීමක් කළොත් දින 3ක කාලයක් රඳවා ගැනීමක් කරන්න පුළූවන්. පොලිස් අධිකාරිවරයෙකුගේ නියමයක් මත තමයි අත්අඩංගුවට ගැනීම කෙරෙන්නේ. ඒ කාලය ඇතුළතදී එළඹෙන සාක්ෂි මත තවදුරටත් විමර්ශනය කරගෙන යන්න අවශ්‍ය නම්, අපි නීතියේ සඳහන් විධිවිධාන අනුව රඳවා ගැනීමේ නියෝගයක් ලබා ගන්න කටයුතු කරනවා,”.













