පොලිස් මූලස්ථානයට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් නවීකරණය කළ අපනශාලාව විවෘතයි

පොලිස් සේවා වනිතා ඒ්කකයේ මූලිකත්වයෙන් නවීකරණය කිරීම් කිහිපයක් සමගින් නව මුහුණුවරකින් සකස් කළ පොලිස් මූලස්ථානයේ ආපනශාලාව ඊයේ (22) උදෑසන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

පොලිස් සේවා වනිතා ඒ්කකයේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම මත ආපන ශාලාව ක්‍රමවත් අයුරින් පවත්වාගෙන යාමට නියමිත අතර දුර බැහැර ස්ථිර පදිංචිව පොලිස් මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ට මෙන්ම විවිධ සේවා සඳහා මූලස්ථානයට පැමිණෙන මහජනතාවට සාධාරන මිලකට පෝෂදායී ආහාර පාන අවශ්‍යතාවය මින් සපුරනු ඇත.

පොලිස් නිලධාරීන්ගේ පවුල්වල ආර්ථිකය සමුර්ධිත් කිරීම පොලිස් සේවා වනිතා ඒ්කකයේ මූලික පරමාර්ථයක් වන බැවින් මෙහි සේවය සඳහාද අවස්ථාව හිමකර දී තිබෙන්නේ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකාවන්ටයි.

පොලිස්පතිතුමාගේ මැතිණිය වන සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීතිඥ නිල්මිණී සමරතුංග මහත්මිය, පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්රත්න මහතා, සහයක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතාගේ මැතිණිය වන සේවා වනිතා ඒකකයේ ප්‍රජා කමිටු සභාපතිනී සුනේත්‍රා වීරක්කොඩි මහත්මිය, පොලිස් මූලස්ථාන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා, සේවා වනිතා ඒකකයේ උප ලේකම් නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි මහත්මිය, පොලිස් සේවා වනිතා ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මිණී ජයවීර මහත්මිය ඇතුළු නිලධරයන් හා සේවා වනිතා ඒ්කකයේ සමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website