අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් කළ සැකකරුට අද අධිකරණයෙන් දුන් නියෝගය

2025 මාර්තු 10 වන දින රාත්‍රියේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරියක බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධියේ සැකකරුට මාස 6ක අනිවාර්ය සිර දඬුවම් නියම කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (23) නියෝග කළේ ය.

වෛදවරිය සතුව තිබූ ස්මාර්ට් ජංගම දුරකතනය සොරා ගැනීමේ චෝදනාවට සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව මෙසේ සිර දඬුවම් නියම කළ මහේස්ත්‍රත්වරයා  සැකකරුට රුපියල් 1500ක දඩ මුදලක් ද නියම කළේය.

වෛද්‍යවරියගේ ජංගම දුරකතනය සොරා ගෙන ගොස් සඟවා තබා ගැනීමට විත්තිකරුට ආධාර අනුබල දීමේ චෝදනාවට වරද පිළිගත් ඔහුගේ සහෝදරියකට සහ තවත් සැකකරුවෙකුට වෙන් වෙන් වශයෙන් මාස 6 බැගින් සිර දඬුවම් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම සිර දඬුවම වසර දෙකකට අත් හිටුවීමට ද නියෝග ඔවුන්ට රුපියල් 1,500 බැගින් වෙන් වෙන්ව වශයෙන් දඩ මුදල් ද නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website