රට එකට ජාතික මෙහෙයුුම : පැය 24ක් තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 958ක් අත්අඩංගුවට

පැය 24ක් පුරා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමකින් සැකකරුවන් 958 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක සහන් වෙයි.

මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ මෙම මෙහෙයුම් හරහා අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සැකකරුවන් 7 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමට සහ පුද්ගලයින් 5 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

වැටලීම් අතරතුර හෙරොයින් කිලෝග්‍රෑම් 435 ක් සහ “අයිස්” කිලෝග්‍රෑම් 874 ක් පොලිස් භාරයට ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website