අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ගිනි අවිය ප්‍රවාහනය කළ සහෝදරයින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට

පසුගිය සිකුරාදා අකුරේගොඩ සුපිරි වෙළෙසැලක රථගාලකදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගෙන් රැඳවුම් නියෝගයක් යටතේ ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ අද (17) අනුමැතිය ලබා දුන්නේය.

පොලිසිය විසින් සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පොලිසියේ ඉල්ලීම සලකා බැලූ  අධිකරණය සැකකරුවන් හෙට (18) දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.

ඝාතන සඳහා භාවිතා කළ බවට සැක කරන ගිනි අවිය ප්‍රවාහනය කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website