ප්‍රජා ශක්ති වැඩසටහන ගැන ඇමති ලාල් කාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

ප්‍රජා ශක්ති වැඩසටහන මඟින් ගමට ප්‍රභූත්වයේ යටත්වාදය වෙනුවට ප්‍රජාවගේ පාලනයක් ඇති වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික, සමාජීය හා දේශපාලන ක්ෂේත්‍රවල පුළුල් වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ මහනුවර දිස්ත්‍රික් සමුළුව ඊයේ (11) මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවති අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රජා ශක්ති වැඩසටහන ජාතික මට්ටමින් සිදු වූ වෙනස ග්‍රාමීය මට්ටමට ගෙන යන ක්‍රියාවලියක් වන අතර, රාජ්‍ය සේවය සහ ප්‍රජාව සෘජුව සම්බන්ධ කරමින් ජනතාව සමාජ, ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රවල සක්‍රීය සහභාගීකරුවන් බවට පත් කිරීම එහි අරමුණ බවයි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය එක්ව, දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,007ක පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්ත සමුළු මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website