LGBTQ ප්‍රජාව ඉලක්ක කරගත් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ තීරණය අවලංගු කරන ලෙස නියෝගයක් ඉල්ලා ගොනු කරන ලද රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අභියාචනාධිකරණයට මෙම තීරණය දැනුම් දුන්නේය.
පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා පෙත්සම මාර්තු 4 වන දින නැවත කැඳවීමට අභියාචනාධිපකරණය නියෝග කළේය.












