මෝටර් රථ හිමියන්ගේ ආරක්ෂාව තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා නව නීති රීති කිහිපයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
ඒ අනුව සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගී මාර්ගවල වාහනවල ගමන් කරන සියලුම රියදුරන් සහ මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය වන අතර, මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන තුවාල සහ මරණ අවම කිරීම අරමුණු කර ගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පැවසුවේය.
මේ වෙනුවෙන් පොදු මගී ප්‍රවාහන සේවාවන්හි නියැලී සිටින රියදුරන් සඳහා දින 10ක විශේෂ පුහුණු වැඩසටහනක් හඳුන්වා දෙන බවත්, නිතිපතා ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ ද සිදු කරන බවත් ඔහු පැවසීය.














