යතුරුපැදිකරුවන් වෙනුවෙන්ම මංතීරු හඳුන්වා දීමට සැලසුම්

යතුරුපැදිකරුවන් සඳහා කැපවූ මංතීරු හඳුන්වා දීමට සැලසුම් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

මාර්ග අනතුරු වලින් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන යතුරුපැදිකරුවන් ආරක්ෂා කිරීම සඳහා පියවර කිහිපයක් හඳුන්වා දෙන බව කී අමාත්‍යවරයා SLS සහතික කළ ආරක්ෂිත හිස්වැසුම් භාවිතය ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website