ජනාධිපති අරමුදල වෙතින් ලොතරැයි අලෙවිකරුවන්ගේ දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක්

අඩු ආදායම්ලාභී ලොතරැයිපත් අලෙවි නියෝජිතයින්ගේ දරුවන් සඳහා 2026 වසරේ සිට ජනාධිපති අරමුදල මගින් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක අවස්ථාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (23) ප.ව 2.00ට අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවි නියෝජිතයින් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website