පස්වැනි ශ්‍රේණියේ විනිසුරුවන් 196 කට සහතික ප්‍රදානය කරයි

ක්‍රිකට් විනිසුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද ලිඛිත විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවරුන් එකසිය අනූහය දෙනෙකු (196) වෙනුවෙන් සහතික ප්‍රධානය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති බුද්ධි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජික සහ විනිසුරු කමිටු සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන සමන්ත දොඩන්වෙල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණ.

ක්‍රිකට් විනිසුරුවරුන් බඳවා ගැනීමේ පටිපාටිය යටතේ පහළම කොටස ලෙසින් සැලකෙන පස්වැනි ශ්‍රේණිය (Level 5) වෙනුවෙන් පැවැති මෙම කඩඉම් විභාගය ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉකුත්දා ගාල්ල විද්‍යාලෝක විදුහලේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාව පුරා වූ ක්‍රිකට් විනිසුරුවරුන් 253 දෙනෙකු මෙම කඩඉම් විභාගයට මුහුණ දුන් අතර ඒ අතරින් විනිසුරුවරුන් 196 ක් සමත්වූහ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වේග පන්දු යවන්නියක වන අමා කාංචනා සහ කඩුලු රකින්නියක ලෙසින් කටයුතු කළ ප්‍රසාදිනී වීරක්කොඩි මෙන්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක වූ විහාරා සෙව්වන්දිද මෙදිනදී ක්‍රිකට් විනිසුරුවරියන් ලෙසින් සහතික ලබා ගැනීම කැපී පෙනිණ.  ඊට අමතරව කාන්තා පාර්ශ්වය නියෝජනය කළ කීප දෙනෙකුද ක්‍රිකට් විනිසුරුවරියන් ලෙසි සහතික පත් ලබා ගත්හ.

මෙම අවස්ථාවට විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතාට අමතරව, එම විනිසුරු කමිටුවේ සාමාජිකයින් වන ගිහාන් වීරසිංහ සහ මොහොමඩ් සිද්ධික් යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කලමනාකරු ලෙසින් කටයුතු කරන චානක තේනුවර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනියේ විනිසුරුවරුන් පුහුණුකිරීමේ උපදේශක ටී.එච්. විජේවර්ධන යන මහත්වරුද සහභාගිව සිටියහ.

මාධ්‍ය අංශය – ශ්‍රී ලංකා ක්‍රිකට්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website