ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල බංග්ලාදේශයට

තෙදින තරග දෙකකින් සහ එක්දින තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ මස 24 වැනි දින අළුයම බංග්ලාදේශ බලා පිටත්ව යනු ඇත.

තරග 2 කින් සමන්විත තෙදින තරගාවලියෙන් තරගාවලිය ආරම්භ වන අතර නොවැම්ර් මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා මීර්පූර්හිදීත් දෙවැන්න දෙසැම්බර් 02 වැනිදා සිට 04 වැනිදා දක්වා බෂුන්දර්හීදීත් පැවැත්වෙනු ඇත.

තරග 3 කිින් සමන්විත එක්දන තරගාවලියේ සියලුම තරග චැටෝග්‍රෑම්හිදී පැවැත්වෙනු ඇත. එම තරග 3, දෙසැම්බර් 07, 09 සහ 12 යන තෙදිනදී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ කාල සටහන

  • නොවැම්බර් 27-29 –  පළමු තෙදින තරගය මීර්පූර්හිදී
  • දෙසැම්බර් 02-04 – දෙවැනි තෙදින තරගය බෂුන්දර්හිදී
  • දෙසැම්බර් 07 – පළමු එක්දින රගය චැටෝග්‍රෑම්හිදී
  • දෙසැම්බර් 09 – දෙවැනි එක්දින තරගය චැටෝග්‍රෑම්හිදී
  • දෙසැම්බර් 12- තෙවැනි එක්දින තරගය චැටෝග්‍රෑම්හිදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website