
විශ්වවිද්‍යාල සංශෝධන පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාව අද (22) රැස් වූ අතර එහි දී මෙම නව සංශෝධිත පනතේ අඩුපාඩු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පෙන්වා දුන්නේය.
එහි දී මෙම නව සංශෝධිත පනතේ ඇතැම් වගන්ති සහ විධිවිධාන හරහා විශ්වවිද්‍යාලයේ ශාස්ත්රාලීය ප්‍රජාවගේ අදහස් පළ කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරය විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.















