අස්වැසුම වැඩසහන ආරම්භ කළේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් වශයෙන් නොව 2022 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව දරිද්රතාවනේ පහළට වැටීම වළක්වා ගැනීමේ අරමුණින් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
අස්වැසුම ප්රතිලාභ ගෙවීම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධයක් නොමැති බව කී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට රජය විසින් සහනාධාර ලබාදිය යුතු බව ද කීවේය.
2023 දී අස්වැසුම වැඩසටහන ආරම්භ කළේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් වශයෙන් නොව තාවකාලික වැඩපිළිවෙළක් ලෙසින් බව සිහිපත් කළ මන්ත්‍රීවරයා අස්වැසුම අරමුණ ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම නොව 2022 ආර්ථික අර්බුදයෙන් පසු ඔවුන් තව දුරටත් දරිද්‍රතාවයෙන් පහළ වැටීමෙන් බේරා ගැනීම බව ද කීවේය.
“මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරමින් එවකට පැවැති රජය මේ බව පැහැදිලිව පෙන්වා දුන්නා. ඒ අනුව තමයි අස්වැසුම වැඩපිළිවෙළ 2026 දී අවසන් වීමට නියමිතව තිබුණේ. නමුත් වත්මන් ආණ්ඩුවත් අස්වැසුම වැඩපිළිවෙළ 2027 දක්වා දීර්ඝ කරලා තිබෙනවා. අස්වැසුම වැඩපිළිවෙළ තව දුරටත් ඉදිරියට යනවා නම් එහි ප්‍රතිලාභීන් තෝරා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි” හර්ෂ ද සිල්වා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.















