6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ වැරදුණ තැන ඇමැති බිමල් රත්නායක හෙළිකරයි – සජිත්ටත් අභියෝග කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර අවසන් මොහොතේ සංශෝධනයක් සිදු කර ඇති බව ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් පත් කරන ලද විමර්ශන කමිටුව විසින් අනාවරණය කරගෙන ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඊයේ (19) රාත්‍රියේ දෙරණ ‘360°’ වැඩසටහනේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් බිමල් රත්නායක මෙසේ ද ප්‍රකාශ කළේය.

‘මෙම ගැටලුව විමර්ශනය කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් කමිටුවක් පත් කළා. ඒ අනුව, පුද්ගලයින් අට දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ගත් අතර ඔවුන්ගෙන් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා කර තිබෙනවා. එම ක්‍රියාමාර්ග දැන් ක්‍රියාත්මක වෙනවා” බිමල් රත්නායක මහතා පැවසුවේ.

පෙළ පොතක් මුද්‍රණය කළ විට, එය පරීක්ෂා කිරීමේ වට 12කට භාජනය වන අතර, පසුව සෝදුපත් කියවීමේ වට තුනක් සිදු කෙරේ. ඉන්පසු එය ජාතික අධ්‍යාපන ආයතනය විසින් සමාලෝචනය කරනු ලබන අතර, මුද්‍රණය කිරීමට පෙර අවසාන පිටපත ද පරීක්ෂා කරනු ලැබේ. එවැනි ක්‍රියාවලියක් තිබියදීත් දෝෂය නොදැනී ගියේ කෙසේ ද සහ ඒ පිටුපස කුමන්ත්‍රණයක් තිබිය හැකි ද යන්න පිළිබඳව දෙරණ 360 නිවේදකයින් අමාත්‍ය රත්නායක මහතාගෙන් ප්‍රශ්න කරන කළේය.

මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවේය,  “කුමන්ත්‍රණයක් තිබුණා ද යන්න ප්‍රශ්න කිරීම තර්කානුකූලයි. කෙසේ වෙතත්, සම්පූර්ණ ක්‍රියාවලිය අනුගමනය නොකර අවසාන මොහොතේ සංශෝධනයක් සිදු කර ඇති බව විමර්ශනයෙන් හෙළි වී තිබෙනවා. මුල් මොඩියුලය සකස් කිරීමේදී සම්පූර්ණ ක්‍රමවේදය අනුගමනය කළ ද, අවසාන මොහොතේ සංශෝධනය එයට අනුකූල වී නැහැ”.

ප්‍රමාණවත් සුදුසුකම් නොමැති නිලධාරීන්ට ජාතික අධ්‍යාපන ආයතනයෙහි ස්ථිර පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට ද අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.

සුදුසුකම් අභියෝගයට ලක් කර ඇති නිලධාරීන් දෙදෙනෙකු පිළිබඳව සහ දේශපාලන අනුබද්ධතාවය පත්වීම්වලට බලපෑම් කර තිබේද යන්න පිළිබඳව අමාත්‍ය බිමල් රත්නායකගෙන් ප්‍රශ්න කරන ලද අතර චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය රත්නායක මහතා මෙසේ පැවසීය, “කොහෙත්ම නැහැ. අපි එහෙම දෙයක් කරලා නැහැ. කෙනෙක් ඡන්දය ඉල්ලලා තිබුණත් නැතත්, අපේ පක්ෂය ආරම්භ කිරීමට සම්බන්ධ වුණත්, මට ස්ථිරවම කියන්න පුළුවන් අපි එවැනි කාරණාවලට මැදිහත් වෙන්නේ නැහැ කියලා. වැරැද්දක් වෙලා තියෙනවා. මට තේරෙන විදියට, සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය වෙනම කාරණයක් වන අතර, සුදුසුකම් නොලත් පුද්ගලයින් එවැනි කාර්යයක් කරන විට දෝෂ ඇති විය හැකියි. කෙසේ වෙතත්, බරපතළ වැරැද්දක් කර ඇති බව පැහැදිලියි. සම්පූර්ණ මොඩියුලය සමාලෝචනය කිරීමෙන් පසු, නුසුදුසු දෙයකට දරුවන් යොමු කිරීමේ අරමුණින් වෙනත් කිසිදු අන්තර්ගතයක් එකතු කර නොමැති බව පැහැදිලියි. ඒ නිසා මම මේ සතියේ නැත්නම් පෙබරවාරි මාසයේදී සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා, ප්‍රශ්නගත සබැඳිය හැර මෙම මොඩියුලයේ නුසුදුසු දෙයක් තිබේ ද යන්න ඔප්පු කරන්න කියලා” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

උපුටා ගැනීම – Last-minute revision in Grade 6 English language module carried out without proper methodology: Minister Bimal යන මාතෘකාව යටතේ adaderana.lk හි ප්‍රකාශයට පත්කරන ලද ලිපියක සිංහල පරිවර්තනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website