දිට්වා වාරිමාර්ග පද්ධතියට කළ හානිය ගැන නිල ප්‍රකාශයක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මධ්‍යම සහ කුඩා පරිමාණ ජලාශ 80කට, ඇළ මාර්ග 225කට සහ අමුණු 08කට දිට්වා සුළි කුණුටාවෙන් විවිධ මට්ටමින් හානි වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ එල්. එස් සූරියබණ්ඩාර මහතා කීවේය.

මේ වන විටත් මාවිල් ආරු ඇතුළු හානි වී ඇති ජලාශ ප්‍රතිසංස්කරණය කරමින් තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඉදිරි දින වලදී ඊසාන දිගමෝසම් තත්ත්වය තුළ ඇති විය හැකි වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් වාරි පද්ධතිය කළමනාකරණ කර ගැනීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශ 34ක් මේ වන විටත් වාන් දමමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.

යාන් ඔය, දැදුරු ඔය සහ සේනානායක සමුද්‍රය යන ජලාශවල වාන්දොරටු විවෘත කර ජලය අඩු කිරීම සිදු කරනු ලබන බවත් පෙන්වා දුන් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාගංගාවල ජල මට්ටම් වැඩි වී ඇති බවත් එය ගංවතුර මට්ට්මක් දක්වා වර්ධනය වීමක් එතුළින් සිදු නොවන බවත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website