ඊසාන මෝසම් ආපදා අවධානමට මුහුණ දෙන්න DMC කල්තියා සූදානම් වෙයි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇති පුරෝකථන අනුව සියලු තාක්ෂණික ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික මට්ටමින් මෝසම් පෙර සූදානම් කමිටුව රැස්කර සියලු පාර්ශ්වකාර ආයතන වෙත ඔවුන්ගේ වගකීම් සහ කාර්යභාරය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර්  ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා ප්‍රකාශ කළේය.

අද දින (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු මේ බව පැවසුවේය.

හදිසි අවස්ථාවකදි ක්ෂණිකව ක්‍රියාත්මකවීම සහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් මුදවා ගැනීමේ කණ්ඩායම් අවශ්‍ය උපකරණ සහිතව සූදානම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරායා තව දුරටත් පැවසුවේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අධික වැසි නිසා පස් ස්ථර ජලයෙන් සංතෘප්ත වී ඇති බවත් සුළු වර්ෂාවත් දී හෝ ගංවතුර සහ නායයෑම් සිදුවිය හැකි බැවින් මහජනතාව ඒ පිළිබද අවධානයෙන් කටයුතු කළ යුතු බවත් අදාළ ආයතන විසින් සපයනු ලබන උපදෙස්  කෙරෙහි මහ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website