ඊසාන දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ පසුගිය වර්ෂ 30 ක කාල සීමාවකට අදාළව ඊසාන දිග මෝසම් වර්ෂාපතන දත්ත සලකා බැලීමේදී උතුරු පළාත තුළ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා ප්‍රකාශ කළේය.
අද දින (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු මේ බව පැවසුවේය.
මෙවර ඊසාන දිග මෝසම් සමයේ උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍යයට අගයට ආසන්න සහ බටහිර සහ දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසුවේය.
විශේෂයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසව ලදී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය විසින් නිවේදනය කර ඇති බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.












