රට තුළ ආහාර සුරක්ෂිතතාව සහතික කරගැනීම සඳහා ජල සම්පත කළමනාරකණය කළ යුතු බවත් පවතින කාලගුණික තත්ත්වය තුළ යම් අවදානම් තත්ත්වයක් පවතී නම් එය කළමනාකරණය කර ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්. එස් සූරියබංඩාර මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි දින වලදී ඊසාන දිගමෝසම් තත්ත්වය තුළ ඇතිවිය හැකි වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් වාරි පද්ධතිය කළමනාකරණ කර ගැනීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශ 34 ක් මේ වන විටත් වාන් දමමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.
යාන් ඔය, දැදුරු ඔය සහ සේනානායක සමුද්‍රය යන ජලාශවල වාන්දොරටු විවෘත කර ජලය අඩු කිරීම සිදු කරනු ලබන බවත් පෙන්වා දුන් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාගංගාවල ජල මට්ටම් වැඩි වී ඇති බවත් එය ගංවතුර මට්ට්මක් දක්වා වර්ධනය වීමක් එතුළින් සිදු නොවන බවත් අවධාරණය කළේය.










