
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්රයේදී අද (04) පෙරවරුවේ පැවැත්විණ.
මාලදිවයින සහ ශ්රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා තවදුරටත් තර කර ගැනීමත් දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මාලදිවයින් ජනාධිපති ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා මෙම රාජ්ය සංචාරයේ නිරත වෙයි.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා සහ සජිදා මොහොමඩ් මැතිණිය, පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කොට ගනිමින් ජනාධිපති කාර්යාල පරිශ්රය වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
දෙරටේ ජාතික ගී වාදනයෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ කෙරිණ.
එහිදී පූර්ණ රාජ්ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර පවත්වා මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා පිළිගනු ලැබිණි. අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ශ්රී ලංකා හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රභූ සම්මාන පිළිගැනීමෙන් අනතුරුව මාලදිවයින් – ශ්රී ලංකා රාජ්ය නියෝජිතයෝ හඳුන්වා දීම සිදු විය.
මාලදිවයින් ජනාධිපතිවරයා විශේෂ සටහනක් තබමින් රාජ්ය නායකයින්ගේ සමරු සටහන් පොතේ අත්සන් තැබීමද මෙහිදී සිදු විය.














