අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිත බව එම සංගමය පවසයි.

රාජ්‍ය විශ්වවිද්‍යාවල 2018/19 සහ 2019/20 අධ්‍යයන වර්ෂයන්ට අදාළ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා නොගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වේ.

ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යස්ථාවේ ගුරු බඳවාගැනීමේ පටියට අනුව අධ්‍යාපනවේදී උපාධිධාරීන්  ගුරු සේවයේ 2.2 ශ්‍රේණියට සමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණයෙන් පමණක් බඳවා ගත යුතු වුව ද මෙම කණ්ඩායම් මේ වන තුරු ගුරු සේවයට බඳවාගෙන නොමැති අතර පැහැදිලි ක්‍රියාමාර්ගයක් ද ගෙන නැත.

මේ සම්බන්ධයෙන් පෙබරවාරි 10 වෙනිදා අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ අනුව මාර්තු මස තුන්වෙනිදා අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සෙසු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලියට සමගාමීව අධ්‍යාපනවේදි උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කළ යුතු බව ද අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website