අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කරන ලෙස පොහොට්ටු මහ ලේකම් රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග වලදී බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ නීති විරෝධී ලෙස හැසිරීම යන චෝදනා මත අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සේවයෙන් ඉවත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් රජයෙන් ඉල්ලීක් කරයි.

නීති විරෝධී ඇපකරුවන් ඉදිරිපත් කර ඇති බවට කරන ලද ප්‍රකාශ මත කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිෂම අධිකරණය හමුවේ “නීති විරෝධී ඉල්ලීමක්” ඉදිරිපත් කර ඇති බව සාගර කාරියවසම් පැවසීය.

කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇපකරුවන් ලෙස මුලින් ඉදිරිපත් කරන ලද පුද්ගලයින් දෙදෙනෙකු අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත්, පසුව නීත්‍යානුකූලව පිළිගත හැකි ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇප ලබා දී ඇති බවත් ඔහු පැවසුවේය.

ප්‍රතික්ෂේප කරන ලද ඇපකරුවන් අධිකරණය විසින් පිළිගෙන ඇති බවට උපකල්පනය කරමින් අල්ලස් කොමිසම පසුව චන්ද්‍රසේන නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උත්සාහ කළ බව ඔහු තවදුරටත් කියා සිටියේය.

“සැබෑ තත්වය නම් පළමු ඇපකරුවන් දෙදෙනා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් ප්‍රතික්ෂේප කිරීමයි. ඉන්පසු කපිල චන්ද්‍රසේන කිසිදු නීතිමය ගැටලුවකින් තොරව වලංගු ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමෙන් ඇප ලබා ගත්තා. අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ කරන ලද මෙම ඉල්ලීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී යි. ඇපකරුවන්ගේ යෝග්‍යතාවය සම්බන්ධයෙන් නඩුවක නඩු පවරන පාර්ශ්වය මෙතරම් උනන්දුවක් දක්වන බව අපි කිසි විටෙකත් දැකලා නැහැ” සාගර කාරියවසම් පැවසීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හැසිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගැනීමට හෝ ඔහු ඉවත් කිරීම අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා අල්ලස් කොමිෂමේ කොමසාරිස්වරුන් තිදෙනාගෙන් ඉල්ලා සිටියේය.

“ඔබේ අධිකාරිය යටතේ සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ආකාරයෙන් නීතිය අනිසි ලෙස භාවිතා කර ඇත්නම්, ඔහු ඉවත් කිරීම පිළිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට නිර්දේශ කිරීමට ඔබ පසුබට වන්නේ ඇයි?” ඔහු කොමසාරිස්වරුන්ගෙන් ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website