නුවරඑළියේ දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග ප්‍රතිසංස්කරණය පිළිබඳ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අවධානයට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ගවලට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් සමඟ අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් සියලුම මාර්ග සහ  ප්‍රතිසංස්කරණය කිරීමට ගත වන කාලය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සාමාන්‍ය ප්‍රතිංස්කරණවලින් විවෘත කිරීමට නොහැකිව තිබෙන මාර්ග සම්බන්ධව නිලධාරීන්ගෙන් අදහස් විමසූ ජනාධිපතිවරයා,  මේ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙසටද නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් මාර්ග සහ පාලම් ඉදිකිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා සැලකිල්ලට ගත යුතු බවද නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග සහ බෝක්කු, පැති බැමි ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත්, මේ වසර අවසන් වීමට පෙර සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට  පියවර ගන්නා ලෙසටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website