ආපදාවට දැඩිව ලක්වී නොමැති ප්‍රදේශයන්හි පාසල් මෙම මස 16 වැනිදා විවෘත කිරීමේ තීරණයක් මේ වනවිට ගෙන තිබෙන බවත් කුමන ප්‍රදේශයේ, කුමන පාසල් ද විවෘත කරන්නේ යන්න පිළිබඳ නිල නිවේදනය 08 වැනිදා හෝ 09 වැනිදා නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසයි.
මෙම පාසල් විවෘත කිරීමත් සමගම අපොස උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ප්‍රශ්නපත්‍ර 2026 ජනවාරි මාසය තුළ පවත්වන්න දැනට සැලසුම් කර තිබෙන බව ද ඔහු පැවසුවේය.
අයහපත් කාගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පාසල් දහසකට ආසන්න ප්‍රමාණයක් කුමන ආකාරයකින් ආපදාවට ලක්ව ඇති බව කී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ අනුව ආසන්න වශයෙන් පාසල් යන දරුවන් 100,000ක් පමණ මෙම ආපදාවෙන් කුමන හෝ ආකාරයක පීඩාවට පත්වී තිබෙන බවත් කීවේය.
















