අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවේ දී ජනපතිවරයා අවධාරණය කළේ මොනවා ද ?

විපතට පත් ජනතාවට සහන සැලසීම මෙන්ම ජන ජීවිතය යළි ස්ථාපිත කිරීමේදීද සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍යයි – ජනපති අවධාරණය කරයි

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සේවා කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතරම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය මූලික යටිතල පහසුකම් යළි ස්ථාපිත කිරීමට ඉහළ අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සඳහා සියලු දෙනා අතර මනා සම්බන්ධීකරණයෙන් යුත් ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ස්ථාපිත කිරීම සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ අදාළ රේඛිය අමාත්‍යාංශ සහ ආයතන සමග අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි. මෙහිදී මහා මාර්ග හා සෙසු මාර්ග, පානීය ජල පහසුකම්, වාරිමාර්ග ප්‍රතිසංස්කරණ සහ දුම්රිය මාර්ග හා දුම්රිය සේවා යළි ස්ථාපනය පිළිබඳව අවධානය යොමු විය.

ආපදා තත්ත්වය හමුවේ විනාශ වී ගිය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කරමින් ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සඳහා හානියට පත් සියලුම මාර්ග හදුනා ගැනීම, දුම්රිය මාර්ග හා සේවා ප්‍රතිසංස්කරණයට උපක්‍රමික වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරන ලදී.

සියලුම යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයේ පළමු පියවර හානි තක්සේරු කිරීම බවත්, ඒ සමගම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදාගත හැකි සම්පත් (භෞතික හා මානව සම්පත්) හඳුනා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දෙන ලදී.

එමෙන්ම මෙම කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ඉදිරිපත් කෙරුණු ගැටලු සඳහා සාධනීය විසදුම් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website