Youth Link Sri Lanka : ශ්‍රී ලංකේය ජාතිය ගොඩනගන මිතුදම් චාරිකාව

මේ දිනවල කොතැන බැලුවත් අහන්න දකින්න ලැබෙන්නේ 2026 අය වැය පිළිබඳ සාකච්ඡාය. ආණ්ඩුව බලයට පත්ව සිය පළමු අය වැය සම්මත කරගනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීය. එහිදි  මුදල් වෙන් කිරීමට ප්‍රමුඛතාවය ලබාදුන්නේ එතෙක් කරගෙන ආ වැඩ සටහන් අවසන් කිරීමටය. 
2026 වසර සඳහා වන පූර්ව අය වැය සාකච්ඡා පසුගිය මැයි මාසයේදි ආරම්භ විය. වත්මන් ජනාධිපතිවරයා අය වැය සකස් කිරිමේදි තමන්ගේ ඇමති මණ්ඩලය  සහ අමාත්‍යංශය ලේකම්වරු සමග පමණක් සාකච්ඡා කරනවා  වෙනුවට සෑම අමාත්‍යංශයකම නිලධාරීන් වෙන වෙනම රැස්කර සාකච්ඡා කරමින් අය වැය සකස් කිරිමට කටයුතු කළේය. එහිදි ගෙවී ගිය වසරේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කරන්නට අමතක කළේ නැත. එම සාකච්ඡාවේදී නිලධාරීන්ට සංඛ්‍යා ලේඛන,  ප්‍රස්ථාර සමග මතුපිට තලයේ පැහැදිලි කිරීමකින් තමන් වැඩ කර ඇති බව පෙන්වීමට ජනාධිපතිවරයා ඉඩ දුන්නේ නැත. සෑම ව්‍යාපෘතියක් පිළිබඳවම එකින් එකට ගෙන සාකච්ඡා කර ඒවායේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ නිසා  ජනාධිපතිවරයාගේ ඇස වසා තමන් වැඩ කළ බවට බොරු පුරසාරම් දෙඩීමට කිසිදු නිලධාරියෙකුට  නොහැකි විය. එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂත්වයකි.
එසේම 2026 වසර සඳහා සැලසුම් සකස් කිරීමේදී ආණ්ඩුවේ දැක්ම, ප්‍රතිපත්තිය අනුව එය සාක්ෂාත් කර ගැනීමට  හැකිවන පරිදි අදාල අමාත්‍යංශවල ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවද ඒ සඳහා වෙන් කරන මුදල් වසර තුළ අනිවාර්යයේන්ම අවසන් කළ යුතු බවට ද අවධාරණය කළේය.
2025 අය වැයෙන් එක් එක් අමාත්‍යංශයට හා ආයතනවලට වෙන් කළ ප්‍රතිපාදනවල මූල්‍ය ප්‍රගතිය සළකා බැලූ ජනාධිපතිවරයා මූල්‍ය ප්‍රගතිය දුර්වල ආයතනවලට දැඩිව අවවාද කළ අතර මෙවර අය වැයෙන් මුදල් වෙන් කිරීමේදි ඒ ගැන සළකා බලන බවට ද අවධාරණය කළේය.
දිළිඳු ජනතාව කර ගනිමින් ක්‍රියාත්මක කරන විවිධ ස්වයං රැකියා හා නිවාස ආධාර වැනි ව්‍යාපෘති සහ වෙනත් ආධාර ලබාදෙන ව්‍යාපෘති විවිධ අමාත්‍යංශවලින් සහ  විවිධ ආයතනවලින් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන අතර එකම පුද්ගලයා වෙනුවෙන් ආයතන කීපයකින් ආධාර ලබා දෙන තත්ත්වයන්ද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මෙලෙස විසුරුණු ලෙස එකම ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නැවැත්විය  යුතු බවටද ඒ සියල්ල එක ස්ථානයකින්  මෙහෙයවන හා අධීක්ෂණය කරන තත්ත්වයක් ඇති කළ යුතු බවටද අවධාරණය කළේය.
මේ දිනවල ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකේය ජාතිය ගොඩනැගීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරන Youth Link Sri Lanka  තරුණ හුවමාරු වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන “Connect – 2025 YOUTH Clubs” යන නමින් ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර පසුගිය  07 වැනිදා සිට ආරම්භව 12 වැනිදා  දක්වා ක්‍රියාත්මක විය. 
தேசிய இளைஞர் சேவைகள் மன்றத்தின் ஏற்பாட்டில் "Youth link Sri Lanka" இலங்கையின் இளைஞர் பரிமாற்றத் திட்டம் யாழ்ப்பாணத்தில்
මේ දිනවල ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකේය ජාතිය ගොඩනැගීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරන Youth Link Sri Lanka  තරුණ හුවමාරු වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන “Connect – 2025 YOUTH Clubs” යන නමින් ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර පසුගිය  07 වැනිදා සිට ආරම්භව 12 වැනිදා  දක්වා ක්‍රියාත්මක විය.
එහි දෙවන අදියර මේ වන විට ආරම්භ කර ඇත. එය ලබන 22 වැනිදායින් අවසන් වීමට නියමිතය. තෙවන අදියර 20 වැනිදායින් ආරම්භ කර දෙසැම්බර් 06 වැනිදායින් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
එම වැඩසටහනට අනුව පළමු අදියර යටතේ දකුණේ සිට තරුණ තරුණියේ විශාල පිරිසක් උතුරට ගියහ. දෙවන අදියර යටතේ මන්නාරම, මුලතිව්, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රිතක්කවලට දකුණේ තරුණ තරුණියන් සහභාගී විය. තෙවන අදියර යටතේ උතුරු නැගෙනහිර තරුණ තරුණියන් දකුණට පැමිණිමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා දකුණේ දිස්ත්‍රික්ක 5ක තරුණ තරුණියන් සම්බන්ධ වන අතර, සෑම කණ්ඩායමක්ම තරුණ තරුණියන් 25 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 2 දෙනෙකුගෙන් සමන්විත වේ. දින 6ක කාලය තුළ තරුණ තරුණියන් විවිධ සංස්කෘතික හා සමාජීය ක්‍රියාකාරකම්වල නිරත වීමට සැලසුම් කර ඇති අතර, දින 6ක කාලය තුළ නවාතැන් ගන්නා නිවැසියන් සමඟ එක්ව ආහාර පිළියෙළ කිරීම, ශ්‍රමදාන වැඩසටහන්, ආගමික වැඩසටහන්, රුක් රෝපණ වැඩසටහනක්, සංස්කෘතික වැඩසටහන්,  ජන ක්‍රීඩා වල නිරත වීම සහ සත්කාරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික හා සෞන්දර්යාත්මක ස්ථාන නැරඹීමට “මිතුදම් චාරිකාවක” නිරත වීමට නියමිතය.
මෙහිදී ඇතැම් තරුණ තරුණියන් නවාතැන් ගෙන තිබුණේ එල්ටීටිඊයට සම්බන්ධ වී කටයුතු කර මිය ගිය පුද්ගලයන්ගේ මෙන්ම එල්ටීටිඊ ක්‍රියාකාරීන් විම නිසා අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනය කළ පුද්ගලයින්ගේ නිවාසවලය. එලෙස එක් තරුණියක තමන් ලද අත්දැකීමක් විස්තර කලේ මෙලෙසිනි.
මම නවාතැන් ගත්ත නිවසේ දෙමළ ජාතික සහෝදරියගේ තාත්තා එල්ටීඨඊයේ හිටපු ක්‍රියාකාරිතයෙක්. එයා අත්අඩංගුවටය පත්ව පුනරුත්ථාපනයට ලක් කරලා. දැන් එයා ගොඩක් වෙනස් වෙලා. අපෙන් විශේෂ ඉල්ලීමක් කළා එයාලත් එක්ක මේ ගොඩ නගාගන්න හිතවත් කම අත්අරින්න එපා කියලා. අපි ඔයාලා ගැන හරියට දැනගෙන හිටියේ නෑ. අපේ නායකයෝ කියපු හැටියට තමයි අපි වැඩ කලේ. අනේ දුවේ ආයේ නම් ඒ වගේ යුද්ධයක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා කියලා ඒ තාත්තා බොහොම සංවේදී විදිහට කතා කළා. එයාලව දාලා එන්නත් දුක හිතෙනවා සමහර කියන දේවල් එක්ක.  යනුවෙන් ඇය පැවසුවාය.
අපි නවාතැන් ගත් ගෙවල්වල සමහර අම්මලා අපි ප්‍රමාද වුණොත් හෙයා බලනවා. සමහර දෙමව්පියෝ අපිව ඇවිදින්න එක්ක යනවා. එයාගේ පවුලේ ඥාතියෙක් ගෙදරට ආවා වගේ තමයි අපිට සැලකුවේ යැයි තවත් තරුණියක් සිය අත්දැකීම් විස්තර කරමින් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website