අල – ලොකු ළුෑණු ගොවීන්ගේ ගැටලුවට කෘෂිකර්ම ඇමති දුන් විසඳුම

ඉදිරි කන්නයේ දී දේශීය අර්තාපල් වලට සහ ලොකු ළුෑණු සහා ඉහළ මිලක් ලබා දෙන බවත් ඒ හරහා සිදුවන මිල ඉහළ යාම පාරිභෝගිකයින් විසින් දරා ගත යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැවසුවේය.

2026 අයවැය විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ එවැනි පියවරක් අනිවාර්යයෙන්ම සිල්ලර මිල ඉහළ යාමට හේතු වන හෙයින් පාරිභෝගිකයින් අසරණ වන බවයි.

“අපි ඉදිරි කන්නයේ දී ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 150ක් අවම මිලක් ලබා දෙනවා. එවැනි මිලක් ලබා දෙන විට ලොකු ළුෑණු කිලෝවක විකිණුම් මිල රුපියල් 200ක් පමණ විය හැකියි. අවම මිල සීමාවන් නියම කළ විට දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 300ක් දක්වා ඉහළ යනවා. අපි මේ ගැටලුව විසඳන්න සූදානම්. ඒත් අල, ලොකු ළුෑණු මිල ඉහළ ගියා කියලා පස්සේ මැසිවිලි නගන්න එපා” කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website