මොන්ටිසෝරි ළමයෙකුට පවා ජනතාවගෙන් අධික ලෙස බදු අය කිරීමෙන් භාණ්ඩාගාරය පුරවා ගත හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රජය ජනතාවගෙන් අධික ලෙස බදු අය කර ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක ආදායම් ඉලක්කය ඉක්මවා රාජ්‍ය ආදායම ලෙස රුපියල් බිලියන 287කට වඩා රැස් කර ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේය.
විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියට අනුව, 2025 සඳහා ආදායම් ඉලක්කය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් වුවත් රජය අධික ලෙස බදු පැනවීම තුළින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.9ක රාජ්‍ය ආදායමක් වාර්තා කර ඇති බවයි.
රජය IMF ඉලක්කය වන 2.3% ඉක්මවා 3.8%ක ප්‍රාථමික ශේෂයක් වාර්තා කර ඇති බව ද පෙන්වා දුන් විපක්ෂ නායකවරයා සෘජු හා වක්‍ර බදු වැඩි කිරීම තුළින් ප්‍රාථමික ශේෂයේ අතිරිත්තය වන රුපියල් බිලියන 479 උපයා ගෙන ඇති බව ද පෙන්වා දුන්නේය.
සෘජු හා වක්‍ර බදු අඩු කිරීම සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වැඩසටහන් මගින් රජය මෙම අතිරික්තය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගත යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.














