16 වන සයිබර් ආරක්ෂණ සමුුළුව නොවැම්බර් 12 වැනිදා ඇරඹෙයි

16 වන සයිබර් ආරක්ෂණ සමුුළුව නොවැම්බර් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝට(ර්)ස් එ්ජ් හෝටලයේ දී  පැවැත්වීමට නියමිත බව ඩිජිටල් අර්ථික අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසීය.

“ශ්‍රී ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරිම” යන තේමාව යටතේ පැවැත් වෙන මෙම ජාතික සමුළුව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රචාරක සංසදය ( Sri Lanka CERT) ඒකාබද්ධව සංවිධානය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මෙම සමුළුව ඉතාමත් සුවිශේෂි බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා රජයේ සේවාවන් විශාල ප්‍රමාණයක් ඉදිරියේ දී ඩිජිටල්කරණය කිරීමට බලාපොරොතු වන බවත් ඩිජිටල් කර්මාන්තය නගා සිටුවීමට කඩිනමින් කටයුතු කරන බවත් සඳහන් කළේය.

මෙවැනි සමුළුවලින් ලෝකයේ ඇති දැනුම ලංකාවට ගෙන ඒමට හැකියාව පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ඇතිවන සාකච්ඡා ලංකාවේ මෙම ක්ෂේත්‍රෙය් සිටින ප්‍රවීණයන්ට දැනුම වර්ධනය කිරීමට වැදගත් වන බව ද සඳහන් කළේය.

දේස් විදෙස් නියෝජිතයින් , ප්‍රතිපත්ති සම්පාදකයින් ,තොරතුරු කර්මාන්තයේ නිරත වෘත්තීයවේදීන් , ශාස්ත්‍රඥයින් , තාක්ෂණ විශේෂඥයින් , රජයේ,පෞද්ගලික අංශයේ , ව්‍යාපාරික සමාගම්,රාජ්‍ය නොවන සංවිධාන සහ විශ්ව විද්‍යාලවල නියෝජිතයින් සහ ආරාධිතයන් 400කට අධික සංඛාවක් මෙම සමුළුවට සහභාගී වන බවද අමාත්‍යවරයා පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website